වකුගඩු රෝගය නිවාරණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ජාතික වකුගඩු නිවාරණ දිනයක් ප්‍රකාශයට පත් කෙරෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය . ජනාධිපතිවරයා මෙසේ සඳහන් කෙළේ ජනාධිපති ලේකම්කාර්යාලයේ දී පැවැති වකුගඩු රෝග නිවාරණ අධීක්ෂණ කමිටු රැස්වීමට එක් වෙමිනි .
තවදුරටත් ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.
රටේ ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක්ව පවතින වකුගඩු රෝගය පිළිබඳ ජනතාව දැණූවත් කිරීම සඳහා පුළුල් ප්රචාරක වැඩපිළිවෙළක් අත්‍යවශ්‍යයි. ගොවි පවුල් මට්ටමට ගමින් ගමට ගොස් ජනතාව දැණුවත් කරන ලෙසත් ඒ සඳහා අත් පත්‍රිකා ,පෝස්ටර් සහ කටවුට් මාර්ගයෙන් ජනතාව දැණුවත් කිරීමේ හැකියාව තිබෙනවා. පළිබෝධනාශක ප්රචාරක තහනම් කිරීම , දේශීය සහල් ,බිත්තර වී භාවිතය ප්‍රචලිත කිරීම , කොම්පෝස්ට් පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීම , අහිත කර කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය සහ භාවිතය තහනම් කිරීම ආදීය පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
වකුගඩු රෝගීන්ගේ පවුල්වල සුබසාධනය ඉහළ නැංවීම , සමාජ සේවා සුබ සාධන හා පංශු සම්පත් අමාත්‍යාංශ යටතේ ඊට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. රෝගය ව්‍යාප්තවන බවට හඳුනාගෙන ඇති දිස්ත්‍රික් දහයක ජනතාවට රුපියල් තුන්දහස බැගින් වූ ජීවනාධාර අද ලබා දෙනවා. යනුවෙනි