ශ්‍රී ලංකාව තුළ සිදුව තිබෙන බවට සඳහන් වකුගඩු ජාවාරම පිළිබඳව අනාවරණය වී ඇති කරුණු පිළිබඳව විමර්ශනයක් කරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කළ ඉල්ලීමට අනුව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා හෙට (25දා) ඒ පිළිබඳව තීරණයක් ගන්නා බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් ඊයේ (23දා) සවස පොලිස්පතිවරයාගෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට ඉල්ලීමක් කර තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.