වකුගඩු ජාවාරමට අදාළව 2014 සිට ඇතැම් පුවත් වාර්තා වුණත් ඒ සම්බන්ධයෙන්අවධානය යොමු කරනු නොලැබුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අවධානය යොමු කිරීම සඳහා වෙනත් කරුණු තිබුණු නිසා බවත් රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය එකී වගකීම බාරගත යුතුව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි
අද (22) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය ඔහු පැවසුයේ මෙම ජාවාරම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා ගනු ලබන තීරණයක් සම්බන්ධයෙන් තම සංගමය එකඟතාව පළකරන බවය
මෙහිදී මෙම ජාවාරමට සම්බන්ධ යයි ඇතැම් පුවත් මගින් වාර්තා කරන ලද වෛද්යවරයාකු වෛද්‍ය සංගමයේ සාමාජිකයෙකුදැයි මාධ්‍යවේදියෙකු විසින් කරන ලද විමසීමේදී වෛද්‍ය නවීන්ද සොයිසා එයට නිසිපිළිතුරක් ලබානොදුන් අතර දැඩි කෝපයෙන් යුතුව මාධ්‍ය විවේචනය කළේය.