ඉන්දියාවේ වකුගඩු ජාවාරම පිළිබඳ සිද්ධියේ වාර්තාව මේවනවිට ඉන්දියාව මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති බවත් මේ සම්බන්ධව අධ්‍යයනය කර එයට සම්බන්ධවුන්ට එරෙහි දැඩි තීන්දුවක් ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,ඉන්දියාවේ සිදු වූ බව කියන වකුගඩු ජාවාරමකට ශ්‍රී ලාංකික වෛද්‍යවරු හයදෙනෙකු සම්බන්ධ බවට පළවන වාර්තා පිළිබඳව අද(21) පැවති මාධ්‍යහමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.