ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් විසින් ශ්‍රී ලංකාව තුළදී වකුගඩු ජාවාරමක් සිදුකර තිබෙනවානම් එහි වගකීම රජය හා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බාරගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
තම සංගමයේ සභාපතිවරයා සහ විධායක සභාව නියෝජනය කරන පිරිසට යම් යම් පිරිස් චෝදනා එල්ලකරන බවත් එහෙත් එම චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.
එල්ලවන චෝදනා සම්බන්ධයෙන් රජය පුළුල් පරීක්ෂණයක් සිදුකළ යුතු බවත්, වරදක් සිදුවී තිබේනම් වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබාදිය යුතු බවත් ඔහු පවසා සිටියේය.