වංචා දූෂණ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා 'විශේෂ විමර්ශන බළකායක්' ස්ථාපිත කර එම බළකාය සඳහා විශේෂ බලතල
ලබා දීමට රජය අදහස් කරගෙන සිටී.
ජනාධිපතිරණයෙන් පසුව ආණ්ඩු වෙනස්වීමත් සමග ගෙවුණු ආණ්ඩුවේ මැති ඇමතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු, ව්‍යාපාරිකයින් ඇතුලු විවිධ පුද්ගලයින් සිදුකළ බව කියැවෙන මහාපරිමාණ අල්ලස් ගැනීම්, මූල්‍ය වංචා හා දූෂණ සිදු කිරීම් පිළිබඳව පැමිණිලි අති විශාල ගණනක් අල්ලස් ෙහා් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත හා පොලීසියට ලැබුණු නිසා ඒවා පිළිබඳව කඩිනම් විමර්ශන සිදු කර වැරදිකරුවන්ට දඬුවම් දීමට කටයුතු කිරීම මෙම විශේෂ විමර්ශන බළකායේ මූළික කාර්යය වේ.
දැනට පවතින අල්ලස් ෙහා් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මන්දගාමී ලෙස කටයුතු කිරීම පිළිබඳව ජනතා විරෝධය දැඩි ලෙස මතුවීම නිසා රජයේ ප්‍රධාන කැබිනට් අමාත්‍යවරු රැසක් මෛ නව විමර්ෂණ බළකායක අවශ්‍යතාව මතු කර තිබේ.
මේ පිළිබඳව ජාතික විධායක සභාවේ ඒකමතික අනුමැතිය ද ලැබී ඇති අතර ඒ සඳහා නීතිමය රැකවරණය ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගැනීමේ යෝජනාවක් ජාතික විධායක සභාවේදී ඒකමතිකව තීරණය වී තිබේ.
මේ අතර, වර්තමානයේ වංචා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ඉවත් කර වෙනත් අධ්‍යක්ෂක ජනරාල්වරයෙකු පත් කර ගැනීමටත් ජාතික විධායක සභාවේ දී යෝජනා වී ඇති අතර මීට එහිදී මන්ත්‍රීවරුන්ට ආචාර්ය ධර්ම පද්ධතියක් සකස් කිරීම පිළිබඳවත් යෝජනා වූ තිබේ.
අල්ලස් චෝදනා විමර්ශන ප්‍රතිඵල ප්‍රමාද ප්‍රමාණවත් නිලධාරීන් නොමැති නිසයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබෙන පැමිණිලිවල ප්‍රතිඵල පමා වන්නේ කොමිසමට ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක් නොමැතිකමින් සහ රාජකාරි අධික වීම නිසා බව එහි සභාපති ඩී.ජේ. ද එස්. බාලපටබැඳි මහතා ප්‍රකාශ කළේය.
විමර්ශන අංශයේ සිටිය යුතු නිලධාරීන්ගෙන් හරි අඩක් නොමැති බවත්, බොහෝ නිලධාරීන් විශ්‍රාම ගොස් හෝ වෙනත් ආයතනවලට මාරු වී ගොස් ඇති බවත් ඒ මහතා පැවසීය. නීති අංශයේ පමණක් පුරප්පාඩු 40 - 50 ක් අතර ප්‍රමාණයක් තිබෙන බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ බාලපටබැඳි මහතා,
'වසර දෙක තුනකට පෙර අපට ලැබුණු සමහර පැමිණිලි තවමත් විමර්ශනය කරගෙන යනවා. වත්කම් නඩුවක්, දූෂණ නඩුවක් සම්බන්ධයෙන් දවසින් දෙකෙන් විමර්ශන කරන්න බැහැ. ඒ සඳහා කිහිපදෙනෙකුගෙන් කටඋත්තර ලබාගත යුතුයි. එය විමර්ශන අංශයේ නිලධාරීන් සිදුකරන්නෙ. මට තියෙන්නෙ විමර්ශනය කරන්න කියලා නියෝග කරන්න විතරයි.
යම් පැමිණිල්ලකට අදාළ පෙත්සමේ කරුණු අනාවරණය වුණොත් අපි එවෙල්ම විමර්ශන කරන්න කියලා විමර්ශන අංශයට යවනවා. සමහරු කියන විදියට කිසිම පැමිණිල්ලක් යට ගහන්න බැහැ. විමර්ශන අංශයෙන් පසුව කොමසාරිස්වරු තුන්දෙනෙක් වෙත එම පැමිණිල්ල එනවා. නමුත් දැනට තිබෙන සම්පත් ප්‍රමාණය සෑහෙන් නෑ. විශාල පුරප්පාඩු ප්‍රමාණයක් කොමිසමේ තිබෙනවා. හුඟක් විමර්ශන නිලධාරීන් විශ්‍රාම ගිහින්. සමහරු මාරුවෙලා ගිහින්. විමර්ශන අංශයේ පුරප්පාඩු 40 - 50 පමණ තිබෙනවා. නීති අංශයේ සිටිය යුතු ප්‍රමාණයෙන් බාගයයි ඉන්නේ. ඒ වගේ හුඟක් ප්‍රශ්න තියාගෙන යන්නෙ. සමහර විමර්ශන පමාවීමට ඒක හේතුවක් වෙනවා. දවසකට පැමිණිලි 25 - 30 ක් විතර එනවා. සමහර ඒවා විමර්ශනය කරද්දි අවුරුදු 2, 3 යන අවස්ථා තිබෙනවා.
ඇතැම් දූෂණ නඩු, වත්කම් නඩුවලට යන්න ගියාම ලේසි නෑ. ග්‍රාම සේවකවරයෙක් වගේ අයෙක් කුඩා මූල්‍ය වංචාවකට සම්බන්ධව මාසයෙන් දඬුවම් දෙන්නේ ඒවා වැටලීම් නිසයි. වැටලීම් කරන ඒවා මාසයක් ඇතුළත නඩු දානවා. පහුගිය දවස්වල ලොකු ලොකු නිලධාරීන්ගේ වැටලීම් සිදුකළා. නමුත් වත්කම් බැරකම් දූෂණ නඩු කල්යනවා. විමර්ශන කරන්න ගියාම ඒකට හේතුව විමර්ශන නිලධාරීන් ප්‍රමාණවත් නොවීම හා වැඩ වැඩි වීමයි.
මැති ඇමතිවරුන්ට අපි ඕන තරම් නඩුදාලා තිබෙනවා. ප්‍රමාණවත් කරුණු තිබේ නම් දූෂණ හා වත්කම් සම්බන්ධව හොයලා බලනවා. නීති අංශයේ සිටින්නේ නිලධාරීන් බාගයක් නිසා කල්ගත වෙනවා. ඒ අයත් උසාවි යන ගමන් වැඩ කරන්නෙ. ඒකයි ප්‍රමාද වෙන්නෙ.
මේ දිනවල ලැබෙන පැමිණිලි විමර්ශන කරන්න දාලා තියෙන්නෙ. කොමසාරිස්වරු 3 දෙනාට ඒවා එවන්නෙ. සාධාරණව ප්‍රමාණවත් කරුණු අනාවරණය වනවා නම් එවෙල්ම විමර්ශන අංශයට දානවා. විමර්ශන අංශය අපේ පාලනයක් නෑ. අධ්යක්ෂ විමර්ශන යටතේ ඒවා සිදුකෙරෙන්නේ' යැයි පැවසීය.
අමිත් මධුරංග