ගෙවීගිය දශක දෙක තුළ ලෝකයේ වනාන්තර ගහනයෙන් 10%ක් අතුරුදන්ව ඇති බව නවතම පර්යේෂණයකින් හෙලි වී තිබේ.
ලෝක සංරක්ෂණ සමාජයේ විද්‍යාඥයන් අනතුරු අඟවන පරිදි නවතම සිතියම් අධ්‍යයනයේදී ලෝක වනාන්තර ගහනයේ දහයෙන් එකක අතුරුදන් වීමක් ප්‍රකට වන අතර, එය දකුණු ඇමෙරිකාව හා අප්‍රිකාව තුළ කැපී පෙනෙන ලෙස සිදුව ඇති බවද කියැවෙයි.
විශේෂයෙන්ම ජාත්‍යන්තර වනසංරක්ෂණ ගිවිසුම්, පාරිසරික පද්ධති මෙන්ම එම රටවල සංස්කෘතික හර පද්ධතීන් පවා ලෝකය විසින් නොසලකා හැර ඇති බවට විද්‍යාඥයෝ අනතුරු අඟවති.
ලෝකයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 20%ක් පමණ වනාන්තර ලෙස සැලකෙයි.
කෙසේ වෙතත්, මේ වනවිට මිනිස් ක්‍රියාකාරකම් හේතු කොටගෙන මෙම වනාන්තර ප්‍රදේශ හෙලිපෙහෙළි වෙමින් පවතින අතර, සංවර්ධනයේ නාමයෙන් සිදුවන මහා පරිමාණ නිවාස ව්‍යාපෘති හා කර්මාන්ත මෙම වනාන්තර හෙලිපෙහෙළි වීමට හේතු වී ඇති බවද කියැවෙයි.
විශේෂයෙන්ම තවමත් මිනිසාගේ ග්රහනයට නතු නොවූ මෙම වනාන්තර උතුරු ඇමෙරිකානු, උතුරු ආසියානු, උතුරු අප්‍රිකනු හා ඔස්ට්‍රේලියානු කලාපයේ පවතින බවද කියැවෙයි.
මෙම ප්‍රදේශ තවමත් පාරම්පරික ජනවර්ගයන් ජීවත්වන ප්‍රදේශ ලෙසද හඳුනා ගැනෙයි. එමෙන්ම ලෝකයේ දුර්ලභ සතුන් මෙන්ම ශාකයන්ද මෙම වනාන්තර තුළ පවතින බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.