ලෝකයේ පළමු කඩොලාන කෞතුකාරය හලාවත, පම්බලදී ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් අද (26දා) ආරම්භ කරනු ලැබීය. ලෝක කඩොලාන දිනය යෙදි තිබුණේද ඊයේ දිනයේදීය.
මෙම කෞතුකාගාරය හරහා කඩොලාන ශාක පිළිබඳව ජනතාව දැනුවත් කිරීමත්, කඩොලාන පිළිබඳව දේශීය හා විදේශීය පර්යේෂණ කිරීමත් සිදු කිරීමට නියමිතය. මෙහිදී කඩොලාන ආරක්ෂි කිරීම බිළිබඳව ළමුන් හා වැඩිහිටියන් දැනුවත් කිරිමට නියමිත අතර පළමු වසරේදී කෞතුකාගාරයට සිසුන් 20000 පැමිණෙතැයි විශ්වාස කරයි.
කඩොලාන ආරක්ෂා කිරීම ශ්රී ලංකාවේ ජාතික ප්රතිපත්තියක්බවට පැත්ව ඇති අතර කෞතුකාගාරය හරහා ශ්රී ලංකාවේ පවතින සියලු කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරිමට වසර පහක වැඩසටහනක් දියත් කිරීමටත් නියමිතය.
පාරිසරික සමතුලිතතාවය ආරක්ෂා කිරීම සඳහා විශාල කාර්යය භාරයක් ඉටුකරනු ලබන කඩොලාන ශාක කාබන්ඩයොක්සයිට් උරා ගනිමින් ඔක්සිජන් පරිසරයට නිකුත් කරනු ලබයි.
කඩොලාන පිලිබඳව අදහස් දක්වමින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා බී.බී.සී. පුවත්සේවයට පවසා ඇත්තේ පාරිසරික සමතුලිතවාය පවත්වාගැනීමට කඩොලාන හරහා විශේෂ කාර්යභාරයක් ඉටුවෙන බවයි.
එසේම පසුගිය වසරේදී ආසියාවේ පවතින කඩොලාන පිළිබඳව කරනු ලැබූ පර්යේෂණයකට අනුව කඩොලාන හෙක්ටයාරයක ආර්ථික වටිනාකම ඇමෙරිකානු ඩොලර් 194000ක් (රුපියල් 28,673,200- දෙකෝටි අසූහය ලක්ෂ හත්තෑන් දහස් දෙසීයක්) ලෙස හඳුනාගෙන තිබෙයි. ඒ අනුව ශ්රී ලංකවේ දැනට කඩොලාන හෙක්ටයාර 15000ක් පමණ හඳුනාගෙන තිබෙන අතර එහි ආර්ථික වටිනාකම ආසන්න වශයෙන් රුපියල් කෝටි 42,900ක් පමණ වෙයි.