අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ දේශපාලන හීනයක් සැබෑ කර ගැනීමට පවත්වන ලෝකයේ දිගම පෙරහර සඳහා අලි ඇතුන් සහභාගී කරවා ගැනීමට යන සියලුම වියදම් පාසල් සංවර්ධන ගිණුමෙන් ලබාගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා විදුහල්පතිවරුන්ට නියෝග ලබාදී තිබෙන බව ලංකා ගුරුසේවා සංගමය සඳහන් කරයි.
මීට අමතරව පෙරහරට සහභාගී වන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආහාර ලබාදීම සඳහා පාසල් සංවර්ධන ගිණුම උපයෝගී කර ගෙන මුදල් වියදම් කරන ලෙස උපදෙස් ලබාදී තිබෙන බවද පැවසේ. පාසලේ සංවර්ධන කටයුතු සඳහා යොදාගත යුතු මුදල් මෙලෙස වෙනත් කාර්යයක් සඳහා යොදාගැනීමට සිදුවීම නිසා සියලුම විදුහල්පතිවරුන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව තිබෙන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.