නිවාඩුවක් ගත කරන අවස්ථාවේදී අබාධයක් වුවහොත් ඒ සඳහා අවම වියදමකින් ප්‍රතිකාර ලබාගත හැකි රටවල් අතර ප්‍රමුඛස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.
නව අධ්‍යන වාර්තාවකින් මේ බව හෙළිව තිබෙන අතර සංචාරකයන් විසින් සළකා බලන ගුවන් ගමන් වියදම්, ඉදුම් හිටුම් හා ආහාර පාන ආදියට අමතරව යමි හෙයිකින් ආබාධයක් සිදුවුවහොත් ඒ සඳහා ඒ ඒ රටවල්හි ප්‍රතිකාර ලබාගැනීමට යන වියදම් සළකා බලමින් මෙම වාර්තාව සකස් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඒ සඳහා යන වියදම සාමාන්‍යයක ලෙස බ්‍රිතාන්‍ය පවුම් 172ක් (රුපියල් 33712ක්) වෙයි. ඉන්දියාවේ මෙම අගය පවුම් 844 (රුපියල් 165424ක්) පමණ වෙයි.
එවැනි වියදම් සඳහා ලෝකයේ අධිකම වියදම් ඇති රට ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය නම් කර ඇති අතර එහි පිරිවැය පවුම් 1044 (රුපියල් 204624) කි.
කෙසේ වෙතත් ගෙවන මිලට උපරිම සේවයක් ලබාදෙන රටවල් අතර නවසීලන්තය ඉදිරියෙන් සිටින බවද මෙම සමීක්ෂණයෙන් පෙන්වා දෙයි.