ලෝකය ඉතිහාසය දෙස බලන විට ලෝකය වෙනස් කර ඇත්තේ ලේඛකයින් විසින් යැයි තහවුරු වන බවත් එක් සංස්කෘතියක් සතු දැනුම් සම්භාරයක් තවත් සෘස්කෘතියක් වෙත රුගෙන යන්නේ පොත් පත් මගින් බවත් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය 18 වැනි වරට සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද (16දා) පෙරවරුවේ ආරම්භ වු අතර සමාරම්භක උළෙලට එක්වෙමින් අමාත්‍යවරයා මේබව කීය.
රජයක් විසින් කළ යුතු වැදගත් කාර්යක් පොත් ප්රකාශකයින්ගේ සංගමය විසින් පොත් ප්‍රදර්ශනය පවත්වා සිදුකරන බවත් මේහරහා මෙරට පාඨකයාට දැවැන්ත සේවාවක් සිදුවන බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කාළේය.
එමෙන්ම පාඨකයන්ට වසර පුරාම 20% දක්වා පොත් සදහා වට්ටම් හිමිවන My Book Club කාඩ්පත නිල වශයෙන් නිකුත් කිරීමද මෙහිදී සිදුවිය.
මෙය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, සම්පත් ඇංකුව හා ස්වාදීන රූපවාහිනී සේවය එක්ව දියත් කරන වැඩපිලිවෙලකි.
ලබන 25 වැනිදා දක්වා ප්‍රදර්ශනය සෑම දිනකම පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා විවෘත වෙයි. සෙනසුරාදා (17) දා පමණක් රාත්‍රී 12.00 දක්වා විවෘතව තැබෙන බව සංවිධායකයෝ පවසති.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පළමු දිනය වන අද දිනයේම ඉතා විශාල ජනකායක් පැමිණ තිබේ.