ඔක්තෝම්බර් 01 වෙනි දිනට යෙදී ඇති ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ දී සහ පින්නවල අලි අනාථාගාරයේ දී දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් පැවැත්වීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර ඇත.
එදිනට ශ්‍රී ලංකාවේ එකම සත්වෝද්‍යානය වන දෙහිවල ජාතික සත්වෝද්‍යානය සහ පින්නවල අලි අනාථාගාරය නැරඹීමට පැමිණෙන අවුරුදු 12න් පහළ දරුවන් සහ අවුරුදු 60ට ඉහළ ජ්‍යේෂ්ට පුරවැසියන් සඳහා නොමිලේ සත්වෝද්‍යානයට ඇතුල්වීමට අවස්ථාව සළසා ඇතැයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.