ලෝක වනජීවී දිනය අදයි
ලෝක වනජීවී දිනය අද (03දා) ට යෙදී තිබේ. තර්ජනයට ලක්වූ ජීවී විශේෂයන්ගේ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ සම්මුතිය ආරම්භ වී වසර 40 ක් පිරීම නිමිත්තෙන් 2013 වසරේ මාර්තු 03 වැනිදා ලෝක වනජීවී දිනය ලෙස නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කෙරිණි.
සාමාජික රටවල් 173 ක් නියෝජනය කරමින් සකස් කළ මෙම සම්මුතිය 1973 මාර්තු 03 වැනිදා සිට ක්‍රියාත්මක වෙයි.
මෙම දිනයට සමගාමීව ලෝකය පුරා රටවල් සේම ජීවීන්ගේ සහ ශාකවල පැවැත්ම පිළිබඳව අද දිනයේ සිට පාසල් ළමයින් ඇතුළු සමස්ත ප්‍රජාව දැනුවත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
මෙහිදී පාසල් ළමයින් සහ ප්‍රජාව වනජීවී සංරක්ෂණ ක්‍රියාවලියට දායක කරගැනීම පිළිබඳව අවධානය යොමු වී තිබෙන අතර, ඒ තුළින් අනාගතයේදී සත්ත්ව හා ශාක ප්‍රජාවට සිදුවිය හැකි තර්ජන අවම කර ගත හැකි බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ සම්මුතිය ලෝකයේ වනජීවී සංරක්ෂණය පිළිබඳව පවත්වා ප්‍රබලම සම්මුතියක් වන අතර, ඒ තුළින් වන සත්ත්ව හා ශාක 35,000 කට වැඩි ප්‍රමාණයක් ආවරණය වේ.
ඡායාරූපය - ආනන්ද පීරිස්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

