ලෝක වනජීවී දිනය හෙට (03දා) දිනට යෙදී තිබේ.
තර්ජනයට ලක්ව ඇති විලෝපිකයන් වන විශාලතම බිළාලයන් තේමා කරගෙන "මේ අනගි සත්ත්වයා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් එක් දෙයක් කරමු" යන්න මෙවර වනජීවී දිනයේ තේමාව වී තිබේ.
බිළාල පවුල හෙවත් Big cats විලෝපිකයන් ලෙස පිළිගැනෙන අතර, පවත්නා තර්ජන නිසා සිංහයා, මුවා, හිම කොටියා, ජගුවර්, චීටා කොටියා සහ ව්‍යාඝ්‍රයා අද වනවිට වඳවීමේ තර්ජනයකට මුහුණ දී සිටිති.
නීතිවිරෝධී ජාවාරම්ක්රියා සහ වෙනත් මිනිස් ක්‍රියාකාරකම් නිසා මෙම සතුන් වඳ වී යෑමේ තර්ජනයකට මුහුණපා සිටින බවද දේශීය සහ ජාත්‍යන්තර පරිසරවේදීහු පෙන්වා දෙති.
ශ්‍රී ලංකාව තුළ විශාලතම විලෝපිකයා ලෙස සැලකෙන්නේ කොටියාය. එම සත්ත්වයන් ගහණය දහසකට ආසන්න වන බව ගණනය කර තිබෙන අතර, පොදුවේ මෙම සත්ත්වයාද ශ්‍රී ලංකාව තුළදී දැඩි තර්ජනයකට ලක්ව සිටින බව පරිසරවේදීහු පෙන්වා දෙති.
මේ නිසා විශාලතම බිළාලයන් රැකගැනීම සඳහා ලෝක ප්‍රජාවගේ අවධානය යොමු වී තිබෙන අතර, මේ අනුව අද (02දා) එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ජාත්‍යන්තර මට්ටමේ වැඩසටහන් සංවිධානය කර තිබේ.
විශාලතම බිළාල සතුන් දැකගත හැකි කලාප ලෙස අප්‍රිකාව, ආසියාව, උතුරු හා මධ්‍යම දකුණු ඇමෙරිකාව නම් වී ඇත.
තර්ජනයට ලක් වූ ජීවී විශේෂයන්ගේ අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ සම්මුතිය වන Cites සම්මුතියට වසර 40ක් පිරීම නිමිත්තෙන් 2013 වසරේ මාර්තු 03 වැනිදා බැංකොක් නුවර පැවැති පාර්ශ්වකරුවන්ගේ 16 වැනි සම්මේලනයේදී මාර්තු 03 වැනිදා ලෝක වනජීවී දිනය ලෙස නම් කිරීමට යෝජනා විය. මේ අනුව 2014 වසරේ මාර්තු 03 වැනිදා සිට ලෝක වනජීවී දිනය ලෙස සැමරීම ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකාව තුළද මෙම දිනය මුල් කර ගනිමින් විවිධ වැඩසටහන් දියත් කර තිබෙන අතර, මෙවර වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා පරිසරවේදීන් විසින් සැලසුම් කර ඇත.