ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (රුපියන් කෝට් 814.85 ක්) ණයක් ලබාදීම සඳහා ලෝක බැංකුව හා ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමක් ඊයේ අත්සන් කළ බව ලෝක බැංකුව සඳහන් කරයි.
ලංකාවේ නාගරික සේවා ඉහළ නැංවීම, සංස්කෘතික හා පරිසර සම්පත් සංරක්ෂණය කිරීම,යාපනයේ ජීවන තත්ත්වය වර්ධනය කිරීම, මහනුවර හා ගාල්ල නගර සංවර්ධනය කිරීම සඳහා මෙම ණය ලාබදෙයි.
මුදල් අමාත්‍යාංශය හා ලෝක බැංකුව අතර මෙම ණය සඳහා ගිවිසුම් අත්සන් කළ බව ලෝක බැංකුව නිවේදනයක් මගින් පැවැසුවේය.