ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අද (05දා) අලුයම ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යයි.
ඔක්තෝබර් මස 07 දා සිට 9 දා දක්වා අමෙරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි, ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයේදී මෙම සමුළුව පැවැත්වීමට නියමිතය.
අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම සංචාරයට එක්ව සිටිති.