ලෝක බලවතාට ජනපති අගමැති සුබ පතති
- 9 11 2016
- 14:33
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනපති ධුරයට තේරී පත් වූ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්රම්ප් වෙත ශ්රී ලංකා ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහත්වරුන් සුබපැතුම් එක්කර තිබේ.
රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ලෙස ලැබූ ඵෙතිහාසික ජයග්රහණය පිළිබඳ තම උණුසුම් සුබ පැතුම් පිරිනමන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසා ඇති අතර, ශ්රී ලංකාව ඩොනල්ඩ් ට්රම්ප් මහතාගේ පාලන කාලයේ දී ඇමෙරිකා එක්සත් ජනපදය සමග සමීපව කටයුතු කරන බවද අගමැති වික්රමසිංහ මහතා සඳහන් කර ඇත. සිය ට්විටර් ගිණුම් හා ෆේස්බුක් ගිණුම් ඔස්සේ ඔවුන් මෙම සුබපැතුම් පණිවුඩ එක්කර තිබේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
