ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක තරුණ සමුළුව සඳහා රටවල් 169 ක් මේ වනවිට සහභාගීත්වය තහවුරු කර තිබේ.
තරුණයන් පිළිබඳ ලෝක සමුළුව මේ මස 6 වැනිදා සිට 10 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අතර, එහි සමාරම්භක උලෙළ 6 වැනිදා හම්බන්තොටදී පැවැත්වේ. 7 වැනිදා සිට 10 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී මෙම සමුළුව පැවැත්වේ.
සියලුම මහද්වීප නියෝජනය කරමින් සමුළුවට සහභාගීත්වය වර්ගීකරණය වී ඇති අතර, අප්‍රිකානු, ලතින් හා මධ්‍ය ඇමෙරිකානු රටවල් විශාල ප්‍රමාණයක් ඊට ඇතුළත් වෙයි.