ලෝක ජනාවාස දිනය ඔක්තෝබර් මස 03 වන දිනට යෙදී තිබේ. මේවෙනුවෙන් වන ප්රධාන සැමරුම් උත්සවය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පොලොන්නරුවේදී පැවැත්වීමට නියමිතය.
පොලොන්නරුව, දිඹුලාගල, සුගලා දේවි ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කිරීමද ඊට සමගාමීව සිදු කරන අතර එහිදී නව නිවාස 24ක් නිවාස ලාභීන් වෙත ලබාදීමට නියමිත අතර වකුගඩු රෝගයෙන් පිඩාවට පත් වූ පවුල් සඳහා නිවාස ආධාර ප්රදානය කිරීම සිදු කෙරෙනු බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.