ඔස්ටේරලියාව හා නවසීලන්තය අතර පැවැත්වෙන ලෝක කුසලාන අවසන් තරගය තරගය නැරඹීමට යන මුවාවෙන් ව්‍යාජ වීසා සහ ගුවන් ගමන් බලපත් භාවිතා විදෙස්ගත වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ජාතිකයින් දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ඊයේ (28දා) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ වයස 24 සහ 27 වියේ පසුවන පේදුරේ තුඩුවේ පදිංචිකරුවෝ වෙති. ඔවුහු තායි ගුවන් සේවයට අයත් ටී.එච්. 308 දරණ ගුවන් යානයෙන් බැංකොක් හරහා නවසීලන්තයට යාමට පැමිණ ඇති බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
රුපියල් ලක්ෂ තිහක මුදල් කොන්ත්‍රාත්තුවක් මත නවසීලන්තයේ සිටින ඔවුන්ගේ ඥාතියෙකු මෙරට ඒජන්තවරයෙකු හරහා විදෙස් ගතවීමට අදාල ලියකියවිලි ව්‍යාජ අයුරින් සකස් කර ඇති බව අනාවරණය වී තිබේ.