මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන දිලුම් අමුණුගම හා ලොහාන් රත්වත්තේ පිළිබඳව සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මේ වන විට මහනුවරට ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව පැවැසීය. දිලුම් අමුණුගම හා ලොහාන් රත්වත්තේ යන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරයි.