එදාමෙදා තුර ලෝකයේ ඉහළම සරණාගතයන් ප්‍රමාණය වාර්තා වන බවත්, එය ගණනින් මිලියන 65.3ක් බවත් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ඒජන්සිය පවසයි.
මීට සරණාගතයන්, අභ්‍යන්තරව උන්හිටි තැන් අහිමි වූවන් මෙන්ම සංක්‍රමණිකයන්ද ඇතුළත් අතර, මෙම ඇස්තමේන්තුව 2015 අවසානය දක්වා දත්ත පදනම් කරගෙන සිදුකර ඇති බවත්, වාර්ෂිකව සරණාගත වැඩිවීම මිලියන 5ක් බවත් එම ඒජන්සිය වැඩිදුරටත් පවසයි.
අදට යෙදෙන ලෝක සරණාගත දිනය නිමිත්තෙන් වූ එම ඒජන්සියේ වාර්තාවෙහි මෙම දත්ත ඇතුළත් වෙයි.