බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් ඉදිකළ ලොව පළමු පාසල එළඹෙන 17 වැනිදා විවෘත කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පාසලේ අධ්‍යාපනය හැදෑරීම සඳහා තෝරාගත් රැදවියන් 183 දෙනෙකු ඇතුළත් කරගන්නා බවත්, ඔවුන්ට අට වසර දක්වා නේවාසිකව අධ්‍යාපනය හැදෑරිය හැකි බවත් රජය සඳහන් කරයි. ඒ අනුව රජයේ විශය නිර්දේශයන්ට අනුව රජයේ ගුරුවරුන් ලවා මෙහි ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට නියමිත අතර, එම පාසලට මහින්දෝදය විද්‍යාගාරයක්ද එක්කර තිබේ.
මෙම පාසල වටරැක බන්ධනාගාර මූලස්ථානයේ ඉදිකර ඇත.