ලෝකයේ පරිත්‍යාගශීලීම ජනතාවක් වෙසෙන රටවල් අතර අටවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ. පසුගිය වසරේදී ශ්‍රී ලංකාව එහි 9 වැනි ස්ථානයේ පසුවූ අතර 2013 වසරේදී 10 වැනි ස්ථානයට පත්ව තිබුණි.
එංගලන්තයේ Charities Aid Foundation මගින් ගණනය කරන ලෝක පරිත්‍යාගශීලී දර්ශකය (World Giving Index) හරහා ශ්‍රී ලංකාවට මෙම ස්ථානය හිමිව තිබේ. අනෙකාට උදව් කිරීම, මුදල් පරිත්‍යාගය, ස්වේච්ඡා සේවය ආදා නිර්ණායක පදනම් කරගනිමින් මෙම දර්ශකය ගණනය කරනු ලබයි.
එහි ප්‍රථම ස්ථානයට මියන්මාරය පත්ව සිටියි. ඇමෙරිකාව, නවසීලන්තය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නෙදර්ලන්තය, ශ්‍රී ලංකාව, අයර්ලන්තය, මැලේසියාව එහි පළමු ස්ථාන 10 අතර සිටියි.
රටවල් 145ක් යොදාගෙන ගණනය කරනු ලැබූ මෙම දර්ශකයේදී 106 වැනි ස්ථානයට ඉන්දියාව පත්ව තිබෙන අතර අවසාන ස්ථානයේ පසුවෙන්නේ බුරුන්ඩි රාජ්‍යයි.