www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
වවුනියාව කලුකුණ්නම්මඩු ප්රදේශයේදී ඒ-9 මාර්ගයේ අද (30දා) අලුයම ලොරි රථ දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් සිවුදෙනෙකුට බරපතළ තුවාල සිදුවී ඇති බව ඉරට්ටපෙරිය කුලම් පොලීසිය සඳහන්කරයි.
කොච්චිකඩේ ප්රදේශයේ සිට පැමිණි උළු ලොරියක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කලුකුන්නම්මඩුව මන්සන්ධියේදී ඒ-9 මාර්ගයේ අයිනක නවත්වා පරීක්ෂා කරමින් සිටින අතර තුරදී අනුරාධපුර දෙස සිට වවුනියාව දෙසට ගමන්ගත් භාණ්ඩ ප්රවාහන ලොරියක් වේගය පාලනය කරගැනීමට නොහැකිව නවතා තිබූ උළු ලොරියේ ගැටී තිබේ.
භාණ්ඩ ප්රවාහන ලොරියේ ගැටීමත් සමග උළු ලොරිය මාර්ගයෙන් විසිවී පෙරළී ගොස් ඇති අතර, උළු ලොරියේ පැමිණි තිදෙනාගෙන් උළු මුදලාලි ජීවිතක්ෂයට පත්වී තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.
භාණ්ඩ ප්රවාහන ලොරියේද දෙදෙනෙකුද බරපතළ තුවාල ලබා ඇති අතර, තුවාල ලැබූ සිවුදෙනාම වවුනියාව මහරෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉරට්ටපෙරියකුලම් පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd