වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මෙරට ඉතිහාසයේ විශාලතම අල්ලස් ගනුදෙනුව සිදුකළ බව පවසමින්, මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ට දඬුවම් දෙන ලෙස ඉල්ලමින් පිවිතුරු හෙළ උරුමයේ ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (13දා) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කළේය.
මේ පිළිබඳව අදහස් දැක්වූ ගම්මන්පිල මහතා,
“පිවිතුරු හෙළ උරුමයෙන් අල්ලස් කොමිසමට ආවෙ ලංකා ඉතිහාසයේ ලොකුම අල්ලස පිළිබඳව අල්ලස්කොමිසමට පැමිණිලි කරන්නයි. 1981 අංක 15 දරන ජනාධිපතිවරණ පනත අනුව ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුගේ ජයග්රහණය තහවුරු කිරීමට තනතුරක් ලබාදීමට පොරොන්දු වීම, තනතුරක් ලබාදීම, තනතුරක් භාරගැනීම කියන සියල්ල වරදක් බවට පත්වෙනවා. එය අල්ලසක් බවට පත්වෙනවා. ඒනිසා මේපිළිබඳව කඩිනමින් විමර්ශනය කරන ලෙස අපි ඉල්ලා සිටියා.” යැයි පැවසීය.