මේ වර්ෂයේදී ලොකු ලූනු බිජ කිලෝග්‍රෑම් එකක් රුපියල් 10,000 ක මිලක පවත්වාගනිමින් ගොවිමහතුන් වෙත අලෙවි කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඉදිරි කන්නයේදී දේශීය ලොකු ලූනු බීජ අවශ්‍යතාව මෙරටදීම සපුරාගත හැකි බවත්,ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සමග එක්ව කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.