ලොකු ලූනු ආනයනය සම්පූර්ණයෙන්ම නතර කර 2016 වනවිට ලොකු ලූනු වලින් රට ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙළක් කෘෂිකර්ම අමාත්‍යාංශය ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා 'අද' පුවත්පතට පැවසීය.
ඒ අනුව හම්බන්තොට, මොනරාගල, අම්පාර, මුලතිව්, වව්නියා යන ප්‍ර‘දේශවල ලොකු ලූනු වගාකර ගොවීන් දිරිගැන්වීමේ ක්‍රියාමාර්ග මේ වසරේ සිට ආරම්භ කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙරට වාර්ෂික ලොකු ලූනු පරිභෝජනය මෙට්‍රික්ටොන් දෙලක්ෂ විසිදහසක් වුවද මේ වන විට දේශීයව නිස්පාදනය කරනු ලබන්නේ ලොකු ලූනු මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසකට ආසන්න ප්‍රමාණයක් බවද ඇමතිවරයා පැවසීය.