ලී ක්වාන් යූ අභාවප්‍රාප්ත වෙයි
- 23 03 2015
- 08:51
- {{hitsCtrl.values.hits}} views
- . .
සිංගප්පූරුවේ නිර්මාතෘ, හිටපු සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ අද අලුයම අභාවප්‍රාප්තවී තිබෙන බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු මිය යන විට 91 වැනි වියේ පසුවිය. දේහය පළිබඳ අවසන් කටයුතු සතියක ශෝක කාලයකින් පසුව එළැඹෙන 29දා සිදුකිරිමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සිංගප්පූරු මහ රෝහලේදී ඔහු මිය ගොස් තිබෙන අතර පසුගිය පෙබරවාරි මස මුල සිට නිව්මෝනියාව හේතුවෙන් ඔහු එම රෝහලේ ප්‍රතිකාර ලබාගනිමින් සිටියේය.
වසර 31ක පමණ කාලයක් සිංගප්පූරුවේ අගමැති ධුරය හෙබවූ ලී ක්වාන් යූ මහතා වරාය නගරයක් සමෘද්ධිමත් රාජ්‍යයක් බවට පත්කළ දේශපාලන නායකයෙකි.
කෙසේ වෙතත් ඔහුගේ පාලන කාලසීමට විවිධ චෝදනා එල්ලවී තිබේ. ලී ක්වාන් යූ පාලන කාලසීමාව තුළ විරුද්ධවාදීන් මර්ධනයටත්, කතා කිරීමේ නිදහස අසුරා තිබූ බවටත් චෝදනා එල්ල වී තිබේ.
1923 වසරේ සැප්තැම්බර් 16 උපත ලද ලී ක්වාන් යූ ජනතා ක්‍රියාකාරී පක්ෂයේ නිර්මාතෘ හා එහි මහලේකම් ලෙසින් සිය දේශපාලන ගමන්මග ආරම්භ කළ ලී ක්වායන් යූ එම පක්ෂය 1959 සිට 1990 දක්වා ජයග්‍රහණ 8කට පක්ෂය මෙහෙයවීය.
.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

