මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ මෝටර් රථ මාස හතරක කාලයක් තුණ අධිභාරයකට යටත්ව ලියාපදිංචි කිරිම සඳහා අවසරය ලබා දීමට රජයේ අවධානය යොමුව තිබේ.
යතුරුපැදි ලියාපදිංචි නොකිරීමෙන් රජයට විශාල ආදායමක් වාර්ෂිකව අහිමි වන බවත්අ රට තුළ වංචා, දූෂණ සහ සොරකම් මැඩලමින් නීතිය ස්ථාපිත කිරීම සඳහා මෙසේ නීත්‍යානුකූල ලියවිලි නොමැති යතුරුපැදි පරීක්ෂා කිරීමෙන් පසු සහනයක් ලෙස ලියාපදිංචිය ලබා දීමට රජයේ අවධානය යොමුව තිබේ.
ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අදාළ යතුරු පැදි ලියාපදිංචි කිරිම සඳහා අවස්ථාව ලබාදීමේ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.