විගණන පනත කඩිනමින් සම්මතකර දෙන ලෙස ඉල්ලා සියලුම පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ලිපි යැවීමට විගණකාධිපති දෙපාර්තමේන්තු වෘත්තීය සමිති තීරණය කර තිබේ.
මේ අනුව අදාළ ලිපි හෙට (20දා) දිනයේදී ලියාපදිංචි තැපෑලෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට යැවෙනු ඇත.
මීට අමතරව පනත සම්මත නොකිරීම නිසා ඇතිවී තිබෙනා ගැටලු හා පනතේ ඇති වැදගත්කම පිළිබඳව සියලුම ස්වාධීන වෘත්තීය සමිති දැනුවත් කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තු වෘත්තීය සමිතිය තීරණය කර තිබේ.