හැටන් - නුවරඑළිය ප්රධාන මාර්ගයේ ලිදුල යොර්විල් වත්ත ප්රදේශයේදී අද (12දා) සවස සුඛෝපභෝගී බස් රථයක් හා ත්රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව, තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි ලිදුල පොලීසිය පවසයි.
තුවාලකරුවන් ලිදුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා නුවඑරළිය මූලික රෝහලට මාරුකර යවා තිබේ.
කොළඹ සිට නුවරඑළිය දක්වා විදේශීය සංචාරකයන් පිරිසක් ගමන්ගත් බස් රථයක් හා තලවාකැලේ, ලිදුල දෙස සිට පැමිණි ත්රිරෝද රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ලිදුල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(හැටන් - රංජිත් රාජපක්ෂ/ශාන් හුලංනුගේ)