තායිවාන බැංකුවකින් ඩොලර් මිලියන 1.1ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ යළි එළැඹෙන 25 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11දා) නියෝග කළේය.
ඔහු ඊයේ (10දා) අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව අද (11දා) රක්ෂිත් බන්ධනාගාර ගත කළ අතර නැවතත් අද දිනයේදි අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ලබන 25 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මේ අතර ඔහු ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තනතුරින් ඉවත් කිරීමටත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා කටයුතු කර තිබේ.
ඡායාරූපය - ඒෂාන් ප්‍රනාන්දු