රට තුළ ලිංගික ශ්‍රමිකයන් හා සමලිංගිකයන් කොතරම් ප්‍රමාණයක් සිටිනවාද යන්න සමීක්ෂණයක් කිරීමට සැලසුම් කර තිබෙන බව ජාතික ලිංගික රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.
2014 වසර දක්වා සිදුකළ පරීක්ෂණ වලදී ලිංගික ශ්‍රමිකයන් 15000කට ආසන්න ප්‍රමාණයකුත්, සමලිංගිකයන් දසදහසකට ආසන්න ප්‍රමාණයකුත් වාර්තා වී තිබූ බවද එම ව්‍යාපාරය සඳහන් කරයි. එච්.අයි.වී. ඒඩ්ස් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මෙම දත්ත අතිශය වැදගත් වන නිසා නව සමීක්ෂණයක් සිදුකිරීමට සැලසුම් කළ බවද එම ව්‍යාපාරයේ අධ්‍යක්ෂක වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේය.
මීට අමතරව එච්.අයි. වී ඒඩ්ස් තුරන් කිරීම සඳහා සකස් කර තිබෙනා පස් අවුරුදු සැලැස්මේදී මෙම කණ්ඩායම දැනුවත් කිරීමට හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද කියා සිටියේය.
මීට අමතරව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහාත් සැලකියයුතු මුදලක් මේ සඳහා වෙන්කිරීමට සැලසුම් කර තිබෙන බවද අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.