පුද්ගලයෙකුට නීතිය ක්රියාත්මක නොකර සිටීම සඳහා කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ එප්පාවල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකුට එරෙහි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණය ඉදිරියේ අද (30දා) නඩු පැවරීය.
වංචා වැරදි සම්බන්ධ පැමිණිල්ලක් විමර්ශනය කිරීමේදී මෙසේ ලිංගික අල්ලස් ඉල්ලා සිටි අවස්ථාවේදී 2012.09.19 දින මෙම පොලිස් සැරයන්වරයා අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබුණි.