දිවයින අවට මුහුදු කලාපයෙන් මේ දිනවල විශාල වශයෙන් ලැබෙන මත්ස්‍ය අස්වැන්න ඉහළ යෑම හේතුවෙන් එම මසුන් අලෙවි කිරීමේ ජංගම සේවාවක් ලංකා ධීවර සංස්ථාව අද (27දා) සිට ආරම්භ කර තිබේ.
ඒ අනුව ලංකා ධීවර සංස්ථාවේ ලොරි රථවලින් ප්‍රවාහනය කරන මසුන් අලෙවි කිරීමේ එම වැඩසටහන අද දිනය තුළ කිරිබත්ගොඩ, ගල්කිස්ස, සෙත්සිරිපාය, මාලිගාවත්ත, කොටුව දුම්රිය පොළ, ගම්පොළ, තලවකැලේ, හැටන් හා ගම්පහ ප්‍රදේශවල ක්‍රියාත්මකය.
එමෙන්ම හෙට දින (28දා) කිරිබත්ගොඩ, ජුබිලි කනුව, රාගම, මරදාන, දෙහිවල, ගෙලිඔය, මහියංගණය, නුවරඑළිය හා ගම්පහ ප්‍රදේශවල මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මීට අමතරව ලබන 29 වැනිදා කිරිබත්ගොඩ, මාලබේ, බොරැල්ල, නුගේගොඩ, කටුගස්තොට, රත්මලාන, පේරාදෙණිය, නාවලපිටිය, හා ගම්පහ යන ප්‍රදේශවල වැඩසටහන ක්‍රියාත්මකය.
මේ වනවිට අංජිලාවෝ, කුම්බලාවෝ, පරව්, සාලයෝ, අලගොඩු හා බලයා යන මත්ස්‍ය විශේෂ බහුල වශයෙන් ධීවර ප්‍රජාව විසින් නෙළාගනු ලබයි.