මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ලාභය විදේශීය සමාගම් වෙත ඇදී යාමට වත්මන් ආණ්ඩුව කටයුතු සලස්වමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයේදී වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය විසින් අද (04දා) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර, ඊට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේය.
හෙතෙම මෙහිදී පවසා සිටියේ ලොව කිසිදු රටක් ලාභ ලබාගැනීම සඳහා ගුවන් සමාගම් පවත්වා නොගන්නා බවයි.
වක්‍ර ආදායම් මාර්ග ලබාගැනීම සඳහා පවත්වාගෙන යනු ලබන ගුවන් සමාගම් විදේශීය සමාගම් වෙත පවරාදෙන්නේ නම් රට තුළ සංචාරක ව්‍යාපාරයද පිරිහීමට ලක්වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.