ලාඕස් ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කඩා වැටීමෙන් ලාඕසයේ ආරක්ෂක අමාත්‍ය සහ උප අග්‍රාමාත්‍ය ඩොන්ග්චෙයි චිචිට් ජීවිතක්ෂයට පත්ව ඇති බව බී.බී.සී.ය පවසයි.
රුසියාවේ නිෂ්පාදිත ඇන්ටනොව් AN- 74TK-300 වර්ගයට අයත් යානය ගමන් ඇරඹි ලාඕසයේ අගනගරය වන වියන්ටියානේ සිට කිලෝමීටර් 500ක් පමණ උතුරුදිග ෂියෑන්ග්කුවාන්ග් පළාතේදී මෙම අනතුර සිදුව තිබේ.
ලාඕස් පුවත් ඒජන්සිය හා තායි විදේශ අමාත්‍යාංශය පෙන්වාදෙන පරිදි මෙම අනතුරින් අමාත්‍යවරයා මෙන්ම ඔහුගේ බිරිඳද මියගොස් තිබේ.
යානය අනතුරට පත්වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 20 දෙනෙකු පමණ සිට ඇති අතර, වියන්ටියානේ ආණ්ඩුකාරවරයාද ඒ අතර වෙයි.
ෂියෑන්ග්කුවාන්ග් හි නිල උත්සවයකට සහභාගි වීම සඳහා ඔවුන් ගමන් කරමින් සිටි බව කියැවෙයි.
දේශසීමාවන්ගෙන් තවත් රටවලට මැදිව පිහිටි රාජ්‍යයක් ලෙස ලාඕසයට මෙවැනි ගුවන් අනතුරු අලුත් දෙයක් නොවන්නේ පසුගිය ඔක්තෝබර් මාසයේදීද මගී ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයන් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම හේතුවෙනි.
එමෙන්ම, 1989 දී ලාඕසයේ ෂියෑන්ග්කුවාන්ග් පළාතේදි වියට්නාම් හමුදා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් වියට්නාමයේ ජ්‍යේෂඨ හමුදා ජනරාල්වරයෙකු ඇතුළු එහි ගමන්ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත්වූහ.