සියලුම මුස්ලිම්වරුන් වැරදි හැසිරීම්වලින් තොර වීමට මෙම රාමසාන් සමයේදී තීරණය කළ යුතු බව සමස්ත ලංකා මුස්ලිම් ලීගයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කරයි.
මහර බන්ධනාගාරයේ මුස්ලිම් රැඳවියන් සමග රාමසාන් උපවාසය නිමාකරමින් පැවැති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
කෙනෙකුගේ හැසිරීම ඔහුගේ ආගම හෝ ජාතිය ගැන තවත් පිරිසකට තීරණය කරන්නට හේතුවන බවද ඒ මහතා පවසා සිටියේය.
ලාංකිකයන් ලෙස එක්ව කටයුතු කිරීම සෑම දෙනෙකුගේම මූලික වගකීම බවත් මෙරට ජනතාව ඉෆ්තාර් උත්සවයට භේදයකින් තොරව එක්වෙමින් සහයෝගය දක්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.