ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
ලාංකිකයන් ශ්‍රී ලංකාව තුළ තබාගනිමින් දැනුම පදනම් කරගත් ආර්ථිකයක් කරා ගමන් කළ හැකි බව අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. නව තාක්ෂණික නගරය සඳහා හෝමාගමදී මුල් ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
ශ්‍රී ලංකාවේ විද්‍යාඥයින්, කළමනාකරුවන්, වෛද්‍යවරුන්, නවෝත්පාදකයන් ඇතුළු බොහේ දෙනෙක් ලෝකය පුරා කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරා මෙහිදී පෙන්වා දුන්නේය. සමාජයේ සීඝ්‍ර දියුණුව රඳා පවතින්නේ තාක්ෂණ හා විද්‍යා අංශයේ දියුණුව මත බවත් ඔහු පැවැසීය.
මීට සති දෙකට පමණ ඉහතදී විදෙස් රටවල සිටින ශ්‍රී ලංකා විශේෂඥයින් ගණනාවක් ශ්‍රී ලංකාවට පැමිණි බවත් ඔහු පැවැසිය.
දැනුම ඇති ඕනෑම කෙනෙකුට ශ්‍රි ලංකාවට පැමිණිය හැකි බවත්, ශ්‍රී ලංකාවේ සිට විදේශයට ගොස් සිටින අයට මෙන්ම ශ්‍රි ලංකාවේ සිටින දැනුමැති පුද්ගලයින්ට ඉදිරියට පැමිණෙන ලෙස ආරාධනා කරන බවත් අගමැතිවරයා සඳහන් කළේය.
භෞතික විද්‍යාව හා රසායනික විද්‍යාව හැර අනෙකුත් සියලු විශයන්ගෙන් දක්ෂතා දක්වන්නේ කාන්තාවන් බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී හෙළි කළේය.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd