මෙහිදී අදහස් දැක්වූ ලසිත් මාලිංග කරාඹුවක් දමා කොණ්ඩය පාට කළර සිටියාට ඔහු චන්ඩියෙක් හෝ මැරයෙක් නොවන බව මහේල ජයවර්ධන පවසයි.
එසේම ගැහැණු ළමයින් අඳින් ඇදුම්වල වරදක් දැකිය නොහැකි බවත් ඔහු පවසයි.
ගැහැණු දරුවන්ට එරෙහි හිංසනය අවසන් කිරීමේ අවශ්‍යතාව ගැන පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී ඔහු මෙම අදහස් දැක්වීය.
“ඇයි ගැහුණු ළමයි අදින දේවල් වල වැරැද්දක් තියෙන්නේ. ඒ අය අදින දෙයින් ඔයලා කොහොමද කියන්නේ එයා වැරදි චරිතයක් කියලා. පිට ස්වරූපයෙන් නෙමෙයි කාවවත් හඳුනාගන්නේ. ඇතුළත ස්වරූපයෙන්.
ලසිත් මාලිංග කොණ්ඩේ පාට කරලා කරාඹුවක් දාලා හිටියට එයා මැරයෙක්වත් චන්ඩියෙක්වත් නෙමෙයි. අදින පළදින විදිය තමන්ගේ ආවේණික දෙයක්.”