සන්ඩේ ලිඩර් පුවත් පතේ හිටපු කර්තෘ ලසන්ත වික්රමතුංග ඝාතනය කළේ තමා යැයි පවසමින් අවසන් ලියුමත් ලියා කරඩුපන පදිංච් බුද්ධි අංශයේ සාජන්ට් මේජර්වරයෙක් ගෙල වැලදාගෙන අද ( 14දා) මියගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ 2007 වසරේ විශ්රාම ගත් හමුදාවේ බුද්ධි අංශයේ සේවය කළ තිදෙරු පියෙකි. අවුරුදු 52 ක් වයසැති දෙහිපිටිය පාර, කරඩුපන පදිංචි ඉලන්දරගේ ජයමාන්න නැමති පුද්ගලයෙකු මෙසේ මියගොස් තිබේ.
“ලසන්ත වික්රමතුංග ඝාතනය කළේ මම. මාගේ යාළුවා වන මලින්ද උදලාගම වැරදිකරුවෙකු නොවෙයි. ඔහු නිදහස් කරන්න. ’’ යැයි ඔහුගේ ලිපියේ සඳහන් වෙයි.
සමන්විජය බණ්ඩාර