හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතා හා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ හිටපු සභාපති අනූෂ පැල්පිට මහතා එක් අයෙකුට රුපයිල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් මිලියනය බැගින් වන ශරීර ඇප තුනක් මත නිදහස් කරනු ලැබීය.
රුපියල් මිලියන 600ක සිල්රෙදි බෙදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව පොලිස් මූල්‍ය අපාරධ විමර්ෂන ඒකකය පරීක්ෂණ කරයි.
මසකට වරක් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනීසිටින ලෙසත්, රටින් පිටවිම තහනම් කිරීමටත්, සාක්ෂිකරුවන්ට බිය වැද්දිම් කර ඇති බවට පැමිණිලි ඉදිරිපත් වුවහොත් අත්අඩංගුවට ගන්නා බවත් සැකකරුවන්ට ඇප නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය නියෝග කළාය.