හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු පිරිසක් විසින් 2015 වසරේ ජනවාරි මස (05දා) කහවත්තේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව කරනු ලැබූ විමර්ශනයේදී යම් යම් කරුණු වසන් කිරීම පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීමට ඒ මහතා මෙම ඒකකයට කැඳවා ඇත.
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විද්‍යා ඝාතනයේ සැකකරුට පළා යෑමට උපකාර කළ බවට චෝදනා එල්ල වීමෙන් පසු ඔහු අත්අඩගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණි.