සිර දඬුවම් නියම වූ හිටපු ඡනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනාරාල් අනුෂ පැල්පිට වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කොට ඇත්තේ දියවැඩියා රෝගී තත්ත්වය වර්ධනය වීම නිසා බව වාර්තාවෙයි.
විදුලි සංදේශ නියාමන කොමිසමේ රුපියල් කෝටි 60 ක මුදලක් නීතිවිරෝධී ලෙස වැය කරමින් පසුගිය ඡනාධිපතිවරණ සමයේදි සිල් රෙදි බෙදා දීමේ සිද්ධියකට වරදකරුවන් වූ ඔවුන්ට කොළඹ මහාධිකරණය විසින් වසර තුන බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
කෙසේ වෙතත් සිර දඬුවම් නියම වීමෙන් පසුව පසුවැනිදාම බන්ධනාගාර රෝහලේ 03 වාට්ටුවට ඇතුළත් කොට තිබුණි.
මීට පෙර අවස්ථාවන් වලදී මෙන්ම මේ අවස්ථාව වන විටත් බන්ධනාගාර ගතවී සිටින ඉහළ පෙළේ දේශපාලනඥයින්, පොලිස් නිලධාරීන් රඳවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ 03 වාට්ටුවේය.