පරිසර හිතකාමී ලන්ච්ෂීට් හා පොලිතින් නීතියක් ඇති කළද, අදාළ නීතිය රට තුළ ක්‍රියාත්මක නොවන බව සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ හා ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා දේශීය ව්‍යාපාරිකයන් පරිසර හිතකාමී ලන්ච්ෂීට් හා පොලිතින් නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කළද, සමහර පිරිස් ප්‍රමිතියෙන් තොර ලන්ච් ෂීට් හා පොලිතින් වෙළෙඳ පොළට නිකුත් කරමින් ඇතැයි එම සංගමයේ ලේකම් අනුර හේරත් මහතා අද (29දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
ප්‍රමිතියෙන් තොර ලන්ච් ෂීට් හා පොලිතින් අඩු මුදලට අලෙවි කිරීම නිසා ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ ලෙවිය අඩුවී තිබෙන බවත්, මේ නිසා පරිසර හිතකාමී රටක් නිර්මාණය කරගැනීමේ රජයේ වැඩපිළිවෙළ අසාර්ථක වී තිබෙන බවත් හෙතෙමපවසා සිටියේය.