එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පැහැරගෙන ගොස් පහර දීමට අනුබල දුන්නැයි කියන සිද්ධියක් මත සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරා රුපියල් ලක්ෂ දෙකහමාරක ශරීර ඇප මත මුදා හරින ලෙස මාතලේ මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා අද (06 දා) නියෝග කළේය.
ඔහුට දැඩි ඇප කොන්දේසි ලබාදුන් සම්පත් ගමගේ මහතා මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම හෝ කලකෝලහාල කිරීමෙන් වැළකී සිටින ලෙසත් දැනුම්දුන්නේය.