රු. 10,000 ට වඩා වැඩි 504,689 ක්
රු. 10,000 ට අඩු 38,861 ක්
රුපියල් ලක්ෂයකට වඩා වැඩි විශ්‍රාම වැටුපක් ගන්නා 12 දෙනෙකු දැනට සිටින අතර, ඔවුන් සියලුදෙනා අධිකරණ විනිසුරුවරුන් බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි.
රුපියල් 10,000 ට වැඩි විශ්‍රාම වැටුපක් ගන්නා පිරිස 504,689 ක් බවත්, දසදහසට අඩුවෙන් ගන්නා 38,861 දෙනෙකු සිටින බවත් එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුනිල් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මේ වනවිට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙතින් විශ්‍රාම වැටුප ලබාගන්නා සම්පූර්ණ පිරිස 543,552 ක් බවත්, ඔවුන් සඳහා මාසිකව රුපියල් බිලියන 9.8 (රුපියල් කෝටි 9800 ක්) ගෙවන බවත් අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
සුනිල් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ සාමාන්‍ය‘යෙන් මාසිකව අලුතෙන් 2000 ක් පමණ විශ්‍රාම වැටුප් ලබාගැනීමට සුදුසුකම් ලබන බවයි.