ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 208 දරණ ගුවන් යානයෙන් අද උදෑසන මෙරටට පැමිණි පුද්ගලයකුගේ ගමන් මල්ලේ සඟවාගෙනසිටියදී රුපියල් තිස් අට ලක්ෂ හතලිස් අට දහස් එකසිය තිහක් වටිනා නිම නොකළ රත්තරන් මාල තුනක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අද (13) අත් අඩංගුවට ගනු ලැබීය.
අත් අඩංගුවට ගත් රන් මාල වල බර ග්‍රෑම් 699.66 කි. අබුඩාබි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් වන සැකකරු කොළඹ පදිංචි 33 හැවිරිදි තරුණයෙකි.