රුපියල් ලක්ෂ හැත්තෑපහක් වටිනා රත්රන් බිස්කට් පහළොවක් ගුද මාර්ගයේ සඟවාගෙන සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද (11දා) අලුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසීය.
සැකකරුවෝ වත්තල සහ කොළඹ 12 යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. ඔවුන් වයස 42 සහ 49 වියේ පසුවන රෙදිපිළි ව්‍යාපාරිකයන් බව රේගුව කියයි.
මින් එක් සැකකරුවෙකු රන් බිස්කට් 03ක්ද, අනෙක් සැකකරු රන් බිස්කට් 12ක්ද ගුද මාර්ගයේ සඟවාගෙන තිබූ බව රේගුව පවසයි. ඒවායෙහි බර කිලෝග්‍රෑම් එකහමාරක් බවට රේගුව ගණනය කර ඇත.